2026-04-26 12:52 Hours

නාවුල දී බස් රථ දෙකක් එකට ගැටී බිහිසුණු අනතුරකින් පුද්ගලයින් 11කට තුවාල


...

දඹුල්ල මාතලේ ප්‍රධාන මාර්ගයේ නාවුල නාලන්ද ප්‍රදේශයේ දී බස් රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.

පොලීසිය පැවසුවේ අද (26) උදෑසන 9.20ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි.

පෞද්ගලික බස් රථයක් හා ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.

අනතුරින් පුද්ගලයින් 11 දෙනෙකු තුවාල ලබා ඇති තුවාලකරුවන් නාලන්ද ප්‍රාදේශීය රෝහලට හා මාතලේ රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.

අනතුරින් එක් පුද්ගලයෙක් බරපතළ ලෙස තුවාල ලබා ඇති බව වාර්තා වනවා.

මේ අතර පෞද්ගලික බසයේ රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර CTB බසයේ රියදුරු පලාගොස් තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ කතානායකවරයා ද මහනුවර මාර්ගයේ කොළඹ දක්වා ගමන් කරමින් සිට ඇති අතර හදිසියේ සිදුවූ මෙම බස් රථ අනතුර හේතුවෙන් කථානායකවරයා විසින් තුවාලකරුවන් ඉවතට ගෙන ප්‍රතිකාර සඳහා යොමු කිරීමට සහාය වී ඇති බව සඳහන්.

අනතුර සම්බන්ධව නාවුල පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කරගෙන යනු ලබනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk