2026-05-12 08:37 Hours

මහින්ද අද අල්ලස් කොමිසම හමුවට


...

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (12) උදෑසන අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව තිබෙනවා.

ඒ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට 2013 වසරේ ගුවන් යානා මිලදී ගැනීමේ දී ලබාදුන් බවට පැවසෙන අමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලස් සිද්ධිය පිළිබඳව ප්‍රකාශයක් ලබාදෙන ලෙස අල්ලස් කොමිසම කළ දැනුම් දීමක් මතයි.

හිටපු ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතා ද අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බව සඳහන්.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ මහතා පැවසුවේ අද (12) උදෑසන 9ට අල්ලස් කොමිසම හමුවේ මහින්ද රාජපක්ෂ මහතා පෙනී සිටීමට නියමිත බවයි.

යම් යම් නීතිමය කරුණු පිළිබඳව නීතිඥවරු කණ්ඩායමක් හමුවේ සාකච්ඡා පැවැත්වීමට නියමිත බවද ඔහු සඳහන් කළා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk