2026-05-11 21:14:00 Hours

බදුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට දෙවන මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම්


...

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඇද හැලෙන තද වැසි හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා දෙවන මට්ටමේ නාය යෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ මෙම අනතුරු ඇඟවීම අද (11) පස්වරු 4 සිට හෙට (12) පස්වරු 4 දක්වා බලපැවැත්වෙන බවයි.

ඊට අමතරව දිස්ත්‍රික්ක 6ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් පළමුවන මට්ටමේ හෙවත් විමසිලිමත් වන්න යනුවෙන් නාය යෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

මෙලෙස පළමු මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති ප්‍රදේශ

බදුල්ල දිස්ත්‍රික්කය - බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය.

කළුතර දිස්ත්‍රික්කය - වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය.

කුරුණෑගල දිස්ත්‍රික්කය - රිදීගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය.

මාතලේ දිස්ත්‍රික්කය - රත්තොට, අඹන්ගඟ කෝරළය සහ නාවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස.

මොනරාගල දිස්ත්‍රික්කය - වැල්ලවාය සහ බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස.

රත්නපුර දිස්ත්‍රික්කය - රත්නපුර සහ කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස.

නායයෑමේ ලක්ෂණ (පොළොවේ පිපිරුම් ඇතිවීම, ගස් හා විදුලි කණු ඇලවීම, හදිසියේ උල්පත් හටගැනීම වැනි) නිරීක්ෂණය වන්නේ නම් වහාම එම ප්‍රදේශවලින් ඉවත් වීමට පියවර ගන්නා ලෙස බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk