2026-07-08 13:32:00 Hours
පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වූ ජගත් පුෂ්පකුමාර මහතා දුෂණ චෝදනාවක් හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද (08) උදෑසන 9.20ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබූ බව සඳහන්.
අත්අඩංගුවට ගත් ඒ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
හිටපු අමාත්‍යවරයා වෙත එල්ල වී ඇති චෝදනා මෙසේයි,
(1) 2014 ඌව පළාත් සභා මැතිවරණයට ප්‍රකාශයට පත් කර තිබිය දී රජයේ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට පෝස්ටර් අත්පත්‍රිකා 250,000ක් මුද්‍රණය කිරීම සඳහා හලාවත වැවිලි සමාගමට හා කුරුණෑගල වැවිලි සමාගමට විධාන කිරීමෙන් ඒ සඳහා අදාළ සමාගම් දෙකට රු.2,665,000/- ක මුදලක් වැය කිරීමට කටයුතු කරවීම.
(2) 2015 ජනාධිපතිවරණ කාලසීමාව තුළ ගංවතුර ආධාර ලෙස සරම් ටී-ෂර්ට් සහිත ඇඳුම් කට්ටල 5,000ක් හා සාය හැට්ටය සහිත ඇඳුම් කට්ටල 5,000ක් බෙදා දීම සඳහා හලාවත වැවිලි සමාගමෙන් හා කුරුණෑගල වැවිලි සමාගමෙන් නිසි ක්‍රමවේදයෙන් තොරව මිල දී ගැනීම හරහා එම සමාගම් දෙකට රු.3,275,000/-ක් හා රු.3,075,000/-ක් හා භෞතිකව බෙදානොදීම.
(3) 2013 හා 2014 මැයි පෙළපාලි සහභාගී වන්නන්ට හලාවත වැවිලි සමාගමෙන් ටී ෂර්ට් 2,000ක් හා සාරි 1,500ක් බැගින් හා කුරුණෑගල වැවිලි සමාගමෙන් ටී ෂර්ට් 2,000ක් හා සාරි 1,500ක් බැගින් ලබාදීමට නිලධාරීන් පෙළඹවීම.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk