2026-07-07 15:13 Hours
බලශක්ති අර්බුදය හමුවේ රජයේ වියදම් පාලනය කිරීම සඳහා මැති ඇමතිවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ට ඉන්ධන නිකුත් කිරීමේ දී පනවා තිබූ සීමා ඉවත් කර තිබෙනවා.
මුදල් අමාත්‍යාංශය ලේකම්වරයා විසින් ඊට අදාළ චක්‍රලේඛය සියලු අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, විශේෂ වියදම් ඒකක, කොමිශන් සභාවල ප්‍රධානීන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සභාපතිවරුන් වෙත නිකුත් කර ඇති බව සඳහන්.
මැදපෙරදිග කලාපයේ ඇති වූ යුද වාතාවරණය හේතුවෙන් රජයේ වියදම් කළමනාකරණය කිරීම සඳහා අමාත්‍යවරුන්ට, නියෝජ්‍ය අමාත්‍යවරුන්ට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට ලබාදෙන ඉන්ධන දීමනාව මාර්තු මස පළමු වනදා දින පැවැති ඉන්ධන මිල පදනම් කරගනිමින් ලබාදීමට රජය අප්‍රේල් මස 2 වනදා චක්‍රලේඛයක් නිකුත් කර තිබුණා.
කෙසේ වෙතත් නව චක්‍රලේඛය මඟින් එම චක්‍රලේඛය අවලංගු කර ඇති බව සඳහන්.
මේ අනුව මැති ඇමතිවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සඳහා ජුලි මස පළමු වනදා සිට ඉන්ධන නිකුත් කිරීම වත්මන් ඉන්ධන මිල ගණන් යටතේ සිදුවනු ඇති.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk