2026-07-01 09:59:00 Hours
චීන කොමියුනිස්ට් පක්ෂය ස්ථාපිත කිරීමේ 105වැනි සංවත්සර සැමරුම් උත්සවය අද (01) පෙරවරු 10.00ට බෙයිජිං නුවර මහජන මහා ශාලාවේදී චීන ජනාධිපති Xi Jinpingගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
එහිදී පක්ෂයේ ඉහළතම ගෞරව සම්මානය ලෙස සැලකෙන ‘ජූලි 1 පදක්කම’ කැපී පෙනෙන සේවාවක් ඉටු කළ කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයන් වෙත පිරිනැමීම ද ජනාධිපතිවරයාගේ අතින් සිදු කෙරුණා.
චීන කොමියුනිස්ට් පක්ෂයේ සංවර්ධනය සහ ජනතා සේවය වෙනුවෙන් විශිෂ්ට දායකත්වයක් ලබාදුන් සාමාජිකයන්, පක්ෂ කටයුතුවලදී කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කළ නිලධාරීන් මෙන්ම බිම් මට්ටමේ පක්ෂ සංවිධාන ද මෙහිදී ඇගයීමට ලක් කෙරුණා.
උත්සවය අමතමින් ජනාධිපති ෂී ජින්පිං මහතා සඳහන් කළේ, පසුගිය වසර 105ක අඛණ්ඩ අරගලය චීන ජනතාවගේ අනාගතය සහ ඉරණම මූලික වශයෙන් වෙනස් කිරීමට සමත් වූ බවයි.
එමෙන්ම, චීන ජාතියේ මහා පුනර්ජීවනය සාක්ෂාත් කර ගැනීම සඳහා නිවැරදි මාවත විවර කිරීමට ද මෙම වසර 105ක ගමන්මග ඉවහල් වූ බව ඔහු පෙන්වා දුන්නා.
මාක්ස්වාදයේ ශක්තිමත් ජීව ගුණය මෙම ගමන්මඟින් මැනවින් පෙන්නුම් කරන බවත්, එම ඓතිහාසික අරගලය ලෝක ඉතිහාසයේ ගමන්මඟට ද ප්‍රබල බලපෑමක් එල්ල කරමින් ශක්තිමත් චීන කොමියුනිස්ට් පක්ෂයක් ගොඩනැගීමට දායක වූ බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk