2026-07-08 08:28 Hours
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ඛේදනීය සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩ්‍රේ ෆ්‍රැන්වේ මහතා සිය ශෝකය පළ කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කළේ, සිද්ධියෙන් ජීවිත අහිමි වූවන්ගේ පවුල්වලට සහ විපතට පත් සියලු දෙනාට සංවේගය පළ කරන අතර, තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවයි.
බන්ධනාගාර නිලධාරීන් රජයට සහ මහජනතාවට සේවය කරමින් ඉතා දුෂ්කර වගකීමක් ඉටු කරන පිරිසක් බවත්, ඔවුන්ගේ ජීවිත අහිමි වීම රටටම විශාල පාඩුවක් බවත් එම නිවේදනයේ සඳහන්.
එමෙන්ම, තුවාල ලැබූ රැඳවියන් රජයේ රැකවරණය සහ ආරක්ෂාව යටතේ සිටි පිරිසක් බැවින්, බන්ධනාගාර නිලධාරීන්ගේ මෙන්ම රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම රජයේ මූලික වගකීමක් බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කර තිබෙනවා.
මෙම සිද්ධිය ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය සඳහා අඛණ්ඩ ආයෝජනයක අවශ්‍යතාව යළිත් අවධාරණය කරන බව සඳහන් කළ නේවාසික සම්බන්ධීකාරකවරයා, රැඳවියන්ගේ තදබදය, යල් පැන ගිය පද්ධති සහ පහසුකම් හිඟය ශ්‍රී ලංකාවට පමණක් නොව ලොව බොහෝ රටවල බන්ධනාගාර පද්ධති මුහුණ දෙන බරපතළ අභියෝග බවද පෙන්වා දී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ස්වාධීන කමිටුවක් පත් කිරීමට රජය ගත් තීරණයද එක්සත් ජාතීන්ගේ සංවිධානය අගය කර ඇති අතර, එම කමිටුවේ නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බවද සිය නිවේදනයෙන් දැනුම් දී තිබෙනවා.
බන්ධනාගාර ආරක්ෂාව ශක්තිමත් කිරීම, රැඳවුම් පහසුකම් වැඩිදියුණු කිරීම සහ බන්ධනාගාර කාර්ය මණ්ඩලයේ සුබසාධනය ඉහළ නැංවීම සඳහා තාක්ෂණික සහයෝගය ඇතුළුව ශ්‍රී ලංකාවට අඛණ්ඩ සහාය ලබාදෙන බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය වැඩිදුරටත් අවධාරණය කර ඇති බව සඳහන්.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk