2026-07-08 15:42:00 Hours

සුගීශ්වර ලබන 22 වනදා තෙක් රිමාන්ඩ්


...

ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගත් බවට සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුද්ගලික ලේකම් වශයෙන් කටයුතු කළ සුගීශ්වර බණ්ඩාර මහතාගේ ඇප ඉල්ලීම කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (08) ප්‍රතික්ෂේප කළා.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ මෙම නඩුව කැඳවනු ලැබුවා.

සැකකරුට ඇප ප්‍රදානය කිරීමට තරම් සුවිශේෂී කරුණු ඉදිරිපත් වී නොමැති බැවින් ඔහුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවද මෙහිදී මහේස්ත්‍රාත්වරයා පැවසුවා.

මේ අනුව සැකකරු ලබන 22 වෙනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට අධිකරණය නියම කළා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk