2026-07-05 16:41:00 Hours
මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර අද (05) දහවල් හටගත් ගැටුමකින් රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ගැටුමෙන් තුවාල ලැබූ රැඳවියන් 25කට අධික පිරිසක් මීගමුව මහ රෝහල වෙත ඇතුළත් කර ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.
සිද්ධියෙන් අනතුරුව මීගමුව බන්ධනාගාර පරිශ්‍රයේ ආරක්ෂාව තර කර ඇති අතර, එම ස්ථානය වෙත ශ්‍රී ලංකා පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) නිලධාරීන් කැඳවා තිබෙනවා.
ගැටුමට හේතුව සහ ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන මේ වනවිට ආරම්භ කර ඇති බව වාර්තා වනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk