2026-07-04 16:27:00 Hours
ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමත් සමඟ ආපනශාලාවල ආහාර සහ පාන වර්ගවල මිලද අඩු කිරීමට පියවර ගෙන ඇති බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා සඳහන් කළේ, බත් කෑම පාර්සලයක මිල රුපියල් 15කින් පහළ දමන බවයි. ඊට අමතරව, ප්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල රුපියල් 15කින්ද, කෙටි ආහාර, පරාටා, බිත්තර රොටිය, කිරි තේ සහ ප්ලේන්ටී මිල රුපියල් 5කින් බැගින්ද අඩු කිරීමට තීරණය කර ඇති බව ඔහු ප්‍රකාශ කළා. ගෘහස්ත ගෑස් මිල සංශෝධනයෙන් ලැබෙන සහනය පාරිභෝගික ජනතාවටද ලබාදීමේ අරමුණින් මෙම තීරණය ගත් බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk