2026-06-29 15:23:00 Hours

ජපානයේ ආයතන 40කට චීනයෙන් අපනයන පාලන සීමා


...

චීනය විසින් ජපානයේ ආයතන 40කට එරෙහිව අපනයන පාලන පියවර අද (29) සිට ක්‍රියාත්මක කර තිබෙනවා.

චීන වාණිජ අමාත්‍යාංශය නිවේදනය කළේ, ජපානය නව මුහුණුවරකින් මිලිටරිවාදය වේගයෙන් ව්‍යාප්ත කරමින් සිටින බවට චෝදනා කරමින් මෙම තීරණය ගත් බවයි.

‘චීන මහජන සමූහාණ්ඩුවේ අපනයන පාලන නීතිය’ සහ ‘ද්වි භාවිත අයිතම පිළිබඳ අපනයන පාලන රෙගුලාසි’ යටතේ මෙම පියවර ක්‍රියාත්මක කර ඇති බව චීන වාණිජ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.

ඒ අනුව, ජපානයේ National Institute for Defense Studies ඇතුළු යුදමය හැකියාවන් ඉහළ නැංවීමට සම්බන්ධ බවට චීනය සඳහන් කරන ආයතන 20ක් අපනයන පාලන ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවා.

එමෙන්ම, MITSUI E&S Co., Ltd. ඇතුළු තවත් ජපාන ආයතන 20ක් ද්වි භාවිත අයිතම භාවිතය සම්බන්ධයෙන් ප්‍රමාණවත් තොරතුරු සනාථ කිරීමට නොහැකි බව පවසමින් ඉහළ අවධානය යොමු කළ ලැයිස්තුවට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

චීන වාණිජ අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ, මෙම පියවර ජාත්‍යන්තර නීතියට අනුකූල සහ සාධාරණ ක්‍රියාමාර්ගයක් බවත්, ජපානයේ නව මිලිටරි ව්‍යාප්තිය පාලනය කිරීම අරමුණු කර ගත් එකක් බවත්ය.

කෙසේ වෙතත්, මෙම පියවර දෙරට අතර සාමාන්‍ය ආර්ථික සහ වෙළඳ සබඳතාවලට බාධාවක් නොවන බව ද චීන වාණිජ අමාත්‍යාංශය අවධාරණය කළා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk