2026-07-04 10:18:00 Hours

කමේනිගේ අවමංගල්‍ය උත්සවයට නි. කථානායක හා රවුෆ් හකීම් එක්වෙයි


...

අයතුල්ලා අලි කමේනිගේ අවමංගල්‍ය උත්සවය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායක රිස්වි සාලි මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා සහභාගි වී තිබෙනවා.

එරට මාධ්‍ය වාර්තා කළේ ඊට අමතරව චීනය, රුසියාව, ඉන්දියාව ඇතුළු ලොව පුරා රටවල් රැසක් රාජ්‍ය නියෝජිතයින් පැමිණීමට නියමිත බවයි.

මේ අනුව මෙම විශේෂ අවස්ථාවට සහභාගී වන රටවල් 30කට අධික ලේඛනයක් ඔවුන් විසින් මේ වන විට ප්‍රසිද්ධ කර තිබෙනවා.

එම රටවල් ලැයිස්තුව

රුසියාව චීනය පාකිස්ථානය ඉන්දියාව තුර්කිය ටර්ක්මෙනිස්ථානය ටජිකිස්ථානය ඉරාකය ජෝර්ජියාව ආර්මේනියාව ඇෆ්ගනිස්තානය ඕමානය කටාර් අසර්බයිජානය කිර්ගිස්තානය උස්බෙකිස්තානය බංග්ලාදේශය ඊජිප්තුව කසකස්තානය ඝානා නිකරගුවාව කොංගෝව සර්බියාව ටියුනීසියාව ලෙබනනය නැමීබියාව මැලේසියාව කියුබාව ශ්‍රී ලංකාව මියන්මාරය ගැම්බියාව තායිලන්තය



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk