2026-06-28 19:54:00 Hours
සෞදි අරාබියේ හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තිබෙනවා.
එරට රාජ්‍ය පුවත් ඒජන්සිය වාර්තා කරන්නේ සෞදි අරාබියේ ප්‍රධාන තෙල් සමාගමක් වන ඇරම්කෝ සමාගමට හෙලිකොප්ටර් යානයක් අද (28) උදෑසන රස් තනුරා ප්‍රදේශයේ දී කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
මෙලෙස මියගිය පුද්ගලයින් 14 දෙනාම සෞදි ජාතිකයින් බව සඳහන් වනවා.
අද (28) උදෑසන 6ට පමණ මෙම අනතුර සිදුව තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk