2026-06-19 20:27:00 Hours

ICC සභාපති ජනපති අනුරව හමුවෙයි


...

ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුව පිළිබඳව පැන නැගී ඇති ගැටළුවක් සාකච්ඡා කිරීම සඳහා ICC ප්‍රධානී ජෙයි ෂා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුව තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය පවසන්නේ මෙම හමුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවේ ගැටළුව ප්‍රමුඛව සාකච්ඡාවට ගනු ඇති බවයි.

මේ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ජනාධිපතිවරයා හමුවී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නීතිරීතිවලට පටහැනි බව සැලකෙන ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුව පත් කිරීම සම්බන්ධව සාකච්ඡා වනු ඇති බවද එම මාධ්‍ය වාර්තාවල පෙන්වා දෙනවා.

ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා විසින් පසුගිය අප්‍රේල් මස දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවත්වාගෙන යාම සඳහා අතුරු කමිටුවක් පත් කරනු ලැබුවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk