2026-06-18 09:10:00 Hours
මැදපෙරදිග කලාපයේ යුද්ධය අවසන් කිරීමේ අරමුණින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉරාන ජනාධිපති මසූඩ් පීසෙෂ්කියන් විසින් අවබෝධතා ගිවිසුමට විද්‍යුත් ක්‍රමයට අත්සන් තබා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම අත්සන් තැබීම සමඟ දෙරට අතර පවතින ගැටළු නිරාකරණය කර ගැනීම සඳහා දින 60ක කාල සීමාවකින් යුත් විශේෂ සාකච්ඡා කවුළුවක් නිල වශයෙන් බලාත්මක වන බවයි.
"එය අත්සන් කර අවසන්. වර්සායි හිදී ඊට අත්සන් තැබුණා." යනුවෙන් ගිවිසුම පිළිබඳව අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපතිවරයා අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබෙනවා.
මෙම ප්‍රධාන එකඟතාවයට පෙර පසුගිය ඉරිදා දිනයේ දී අමෙරිකානු උප ජනාධිපති ජේ. ඩී. වෑන්ස් සහ ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බගර් ගාලිබාෆ් විසින් ද මේ සඳහා වන මුලික එකඟතාවයට විද්‍යුත් ක්‍රමයට අත්සන් තබා තිබුණා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk