2026-06-19 08:55 Hours
ශ්‍රී ලංකාවෙන් සිදු කෙරෙන ආනයන සම්බන්ධ විදේශ මුදල් ගෙවීම් වඩාත් කාර්යක්ෂමව අධීක්ෂණය කිරීම සඳහා රජය නව නියාමන හඳුන්වා දෙමින් ගැසට් නිවේදනයෙන් නිකුත් කර තිබෙනවා.
මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ආනයන හා අපනයන පාලන පනත යටතේ නිකුත් කළ නව රෙගුලාසි අනුව ආනයන ගණුදෙනු සඳහා සිදු කරන සෑම ගෙවීමකට බැංකු මඟින් විශේෂ ගණුදෙනු අංකයක් ලබාදිය යුතු වනවා.
එම ගණුදෙනු සම්බන්ධ සියලු තොරතුරු ශ්‍රී ලංකා රේගුව වෙත දැනුම් දීමද අනිවාර්ය කර තිබෙනවා.
මේ අනුව ආනයනකරුගේ බදු හඳුනා ගැනීමේ අංකය, ලිපිනය, ප්‍රතිලාභයාගේ තොරතුරු, බැංකු හා ශාඛා කේත, ගෙවීම් මුදල, මුදල් ඒකකය, ගෙවීම් සහ භාරදීමේ කොන්දේසි, ගෙවීම් දිනය, Proforma Invoice අංකය සහ ආනයනය කරන භාණ්ඩ විස්තර ඇතුළු තොරතුරු බැංකු මඟින් රේගුව වෙත ලබා දිය යුතු වනවා.
තවද භාණ්ඩ ආනයනය සඳහා අත්තිකාරම් ගෙවීම් සිදු කිරීමට පෙර ආනයනකරුවන් ශ්‍රී ලංකා රේගුවේ සුදුසුකම් ලත් අනයනකරුවෙකු ලෙස ලියාපදිංචි වීම අනිවාර්ය කර තිබෙනවා.
ලියාපදිංචිය නොමැති ආනයනකරුවන් සඳහා වාණිජ බැංකුවලට අත්තිකාරම් ගෙවීම් සිදු කිරීමට අවසර නිලබෙන බවද නව රෙගුලාසිවල සඳහන් වනවා.
මෙම නව නියෝග 2026 ජුනි 19 වනදා සිට ක්‍රියාත්මක කෙරෙනවා.
මෙම පියවර මඟින් ආනයන ක්ෂේත්‍රයේ විනිවිදභාවය වැඩි කිරීම සහ විදේශ විනිමය පිටතට ගලා යාම නිසි ලෙස නිරීක්ෂණය කිරීම මෙහි අරමුණු ඇති බවද රජය පවසනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk