2026-06-19 18:02:00 Hours

රාජකාරියට බාධාකළ හතරක් ඇල්ලුවා - දැරණියගල සිද්ධිය ගැන පොලීසිය කියයි


...

දැරණියගල හම්බානවෙල ප්‍රදේශයේ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් ලැබුණු පෙත්සමක් මත අවිස්සාවේල්ල කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් අද (19) උදෑසන සිවිල් ඇඳුමින් සැරසී උපාය දූත මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා.

එහිදී සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ, සැකකරුවන් පිරිසක් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් නිලධාරීන් සමඟ ගැටුමක් ඇති කරගෙන ඇති බව පොලිසිය පවසනවා.

ඒ හේතුවෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු අවිස්සාවේල්ල සහ දැරණියගල රෝහල්වලට ඇතුළත් කර ප්‍රතිකාර ලබන බවද වාර්තා වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත සැකකරුවන් සිව්දෙනෙකු දැරණියගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අවිස්සාවේල්ල සහකාර පොලිස් අධිකාරී III නිලධාරීවරයාගේ අධීක්ෂණය යටතේ මේ සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, සිදුවීම හේතුවෙන් වැටලීම් කටයුතු නවතා නොදමා ඉදිරියටත් අඛණ්ඩව සිදුකරන බව පොලිසිය සඳහන් කරනවා.

දැරණියගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතිනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk