2026-06-02 13:52:00 Hours

අප්‍රේල් මසදී එක් පුද්ගලයකුට මූලික අවශ්‍යතා සපුරාලීමට යන වියදම ඉහළට


...

මුලික අවශ්‍යතා සපුරාලීම සඳහා එක් පුද්ගලයෙකුට මසකට අවශ්‍ය අවම වියදම රුපියල් 17117ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් අප්‍රේල් මාසය සඳහා නිකුත්කළ නිල දරිද්‍රතා රේඛාව වාර්තාවේ මෙම තොරතුරු හෙළිව ඇත.

මේ අනුව මාර්තු මාසයට සාපේක්ෂව නිල දරිද්‍රතා රේඛාවේ අගය රුපියල් 427කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.

මාර්තු මසදී නිල දරිද්‍රතා රේඛාව රුපියල් 16690ක් ලෙස සටහන් වුණා.

මුලික අවශ්‍යතා සපුරාලීම සඳහා එක් පුද්ගලයෙකුට මසකට අවශ්‍ය අවම වියදම මෙම නිල දරිද්‍රතා රේඛාව මඟින් ඇස්තමේන්තු කරනු ලබනවා.

අප්‍රේල් මසදී නිල දරිද්‍රතා රේඛාවට අනුව එහි ඉහළම අගය කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා.

එය රුපියල් 18461ක් ලෙස සැලකෙනවා.

දරිද්‍රතා රේඛාවට අනුව අවම අගය මොනරාගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එය 16,367ක් වන බව සඳහන් වනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk