2026-05-31 12:15:00 Hours

ලංකා IOC සහ සයිනොපෙක් ඉන්ධන මිලත් වෙනස් වෙයි


...

ලංකා IOC සහ සයිනොපෙක් යන සමාගම් ද සිය ඉන්ධන මිල ගණන් ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා.

කෙසේ වෙතත් සයිනොපෙක් සමාගම සුපර් ඩීසල් මිල පමණක් මිල සංශෝධනයක් සිදුකර නැහැ.

ඔවුන් දැනටමත් සූපර් ඩීසල් ලීටරයක් රුපියල් 600ක මිලකට අලෙවි කරනු ලබනවා.

මේ අතර සියලු ඉන්ධන වර්ගවල ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මිල ගණන් ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන තිබෙනවා.

මේ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ දමා ඇත.

එහි නව මිල රුපියල් 407කි.

සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ දැමීමට පියවර ගෙන ඇති අතර එහි නව මිල රුපියල් 478කි.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 25කින් ඉහළ දමා තිබෙනවා.

එහි නව මිල රුපියල් 495කි.

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයේ මිල රුපියල් 24කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 434කි.

මේ අතර ලංකා භූමිතෙල් මිල රුපියල් 20කින් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව එහි නව මිල රුපියල් 285ක් වනු ඇති.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk