2026-07-07 09:47:00 Hours

බන්ධනාගාර සිද්ධිය ගැන මානව හිමිකම් කොමිෂන් සභාවෙන් පරීක්ෂණයක්


...

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදු කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

එම කොමිෂන් සභාවේ කොමසාරිස් නිමල් ජී. පුංචිහේවා මහතා පවසන්නේ අදාළ සිදුවීම පිළිබඳව පූර්ණ විමර්ශනයක් සිදු කිරීමට සිය කොමිසම තීරණය කර ඇති බවයි.

මේ අනුව ඒ සඳහා ඊයේ (06) දින මීගමුව බන්ධනාගාරය වෙත සිය නිලධාරීන් පිරිසක් යොමු කළ ද පැවැති ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් අදාළ විමර්ශන කටයුතු ආරම්භ කිරීමට නොහැකි වී තිබෙනවා.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ඉදිරි දින කිහිපය තුළ මීගමුව බන්ධනාගාරය වෙත ගොස් අදාළ සිදුවීම පිළිබද පූර්ණ විමර්ශනයන් ආරම්භ කරන බවයි.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk