2026-05-25 12:49:00 Hours
කෙටි කාලීනව මෙරටට පැමිණෙන රටවල් 40ක පිරිස් සඳහා දින 30ක කාලයක් සඳහා පිරිනමන නොමිලේ සංචාරක වීසා පහසුකම අද (25) සිට ක්‍රියාත්මක වනවා.
මේ අනුව ප්‍රංශය, ඕස්ට්‍රේලියාව, ඔස්ට්‍රියාව, මැලේසියාව, සෞදි අරාබිය, ජර්මනිය, නේපාලය, දකුණු කොරියාව, බහරේන්, ඉන්දියාව, නෙදර්ලන්තය, ස්පාඥ්ඥය, බෙලාරුස්, ඉන්දුනීසියාව, නවසීලන්තය, ස්වීඩනය, බෙල්ජියම, කැනඩාව, චීනය, චෙක් ජනරජය, ඩෙන්මාර්කය, ෆින්ලන්තය, ඉරානය, ඊශ්‍රායලය, ඉතාලිය, ජපානය, කසකස්තානය, කුවේට්, නෝර්වේ, ඕමානය, පකිස්තානය, පෝලන්තය, කටාර්, රුසියාව, ස්විට්සර්ලන්තය, තායිලන්තය, තුර්කිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, එක්සත් රාජධානිය, අමෙරිකා එක්සත් ජනපද යන රටවල ජාතිකයින්ට පහසුකම හිමිවනු ඇත.
රාජ්‍ය තාන්ත්‍රික, නිල, සේවා හෝ සාමාන්‍ය ගමන් බලපත්‍ර ඇති ඉහත සඳහන් රටවල ජාතිකයින්ට මෙම යෝජනා ක්‍රමය යටතේ නොමිලේ සංචාරක වීසා ලබා ගැනීමට සුදුසුකම් හිමිවනු ඇති බවද ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
තවද මෙම රටවල් 40 හි ජාතිකයින් සහ මෙරට සමඟ ද්වී පාර්ශවික අන්‍යෝන්‍ය ගිවිසුම් ඇති ජාතිකයින් එනම් මාලදිවයින, සීෂෙල්ස් සහ සිංගප්පුරුව ඇතුළු සියලුම විදේශීය ජාතිකයින් ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර විද්‍යුත් සංචාරක අවසරයක් ලබාගත බව සඳහන්.
ඊට අමතරව ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර ද්වී පාර්ශවික අන්‍යෝන්‍ය ගිවිසුම අනුව මාලදිවයින් ජාතිකයින්ට පෙර විද්‍යුත් සංචාරක අවසරය හරහා දින 90ක සංචාරක වීසා බලපත්‍රයක් ලැබෙනු ඇති.
ඉහත රටවල් 40 හි ජාතිකයින් සඳහා සහ මාලදිවයින සීෂෙල්ස් සහ සිංගප්පුරුව ජාතිකයින් සඳහා ඉලෙක්ට්‍රොනික සංචාරක අවසර පත්‍රය නොමිලේ සකසනු ඇත.
මෙම යෝජනා ක්‍රමය යටතේ සංචාරකයින්ට දින 90ක් සඳහා වලංගු සංචාරක වීසා නොමිලේ ලබාගත හැකි වන අතර දින 30ක වලංගු කාලය තුළ ශ්‍රී ලංකාවට පළමු වරට පැමිණි දින සිට ද්විත්ව ප්‍රවේශ පහසුකම ලබාගත හැකි වනවා.
ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ නොමිලේ වීසා බලපත්‍රයක් ලබාගෙන දින 30කට වඩා ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට කැමති අයදුම්කරුවන්ට අදාළ වීසා ගාස්තුව ගෙවීමෙන් පසු වීසා බලපත්‍ර දීර්ඝ කිරීමක් සඳහාද ඉල්ලුම් කළ හැකි බවයි.
ETA නොමිලේ අයදුම් කිරීමට සුදුසුකම් ලබන ජාතිකයන් හැර, අනෙකුත් සියලුම රටවල ජාතිකයන් ශ්‍රී ලංකා ETA පද්ධතිය පාලනය කරන සාමාන්‍ය නීති සහ රෙගුලාසිවලට යටත් වන බවද ආගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk