2026-05-25 07:38 Hours

රන් මත ලබාදෙන ණය ගැන මහ බැංකුවෙන් විශේෂ තින්දුවක්


...

රන් ඇපකරයක් මඟින් සුරක්ෂිත කරනු ලබන ණය සඳහා වටිනාකම මත උපරිම ණය අනුපාතයක් හඳුන්වාදීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කරන්නේ විචක්ෂණශීලී ණය දීමේ පිළිවෙත් ප්‍රවර්ධනය කිරීම, මූල්‍ය ආයතනවල ඔරොත්තු දීමේ හැකියාව සුරක්ෂිත කිරීම සහ පද්ධතිමය අවදානම් ගොඩනැඟීම අවම කිරීම සඳහා ඔවුන් විසින් එහි සාර්ව විචක්ෂණ අධිකාරියට අනුකූලව මෙම පියවර ගත් බවයි.

ඒ අනුව රන් ඇපකරයක් මඟින් සුරක්ෂිත කර ඇති ණය පහසුකම්වල මෑතකදී ඇති වූ සැලකිය යුතු වර්ධනය සහ එවැනි ප්‍රවණතා ඉදිරියටත් පැවැතීම මඟින් මුල්‍ය පද්ධතියට ඇතිවිය හැකි බලපෑම ද සැලකිල්ලට ගෙන තිබෙනවා.

මෙම නව තීරණය අද (25) සිට ක්‍රියාත්මක වනු ඇති.

මේ අනුව සියලුම බලපත්‍ර ලාභී වාණිජ බැංකු, විශේෂිත බැංකු සහ බලපත්‍රලාභී මුදල් සමාගම් මඟින් රන් භාණ්ඩ ඇපයට තබා ලබාදෙන ණය පහසුකම් එම රන් භාණ්ඩවල වටිනාකමින් 70%ක උපරිම සීමාවකට යටත්වනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk