2026-05-24 12:54:00 Hours
විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා නවසීලන්තයේ සහ ඕස්ට්‍රේලියාවේ සංචාරයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.
විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ මේ අනුව ඔහු මැයි 26 සිට ජුනි 3 දක්වා එම රටවල් සංචාරයක නිරත වන බවයි.
මෙම සංචාරයේ දී අමාත්‍යවරයා ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ අමාත්‍යවරුන් සහ ඉහළ පෙලේ රාජ්‍ය තාන්ත්‍රිකයින් හමුවී සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk