2026-05-26 08:55 Hours
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විමර්ශන කටයුතු කාර්යක්ෂම කිරීම උදෙසා අවස්ථානුකූලව කාර්ය මණ්ඩල බඳවා ගැනීම සඳහා කඩිනමින් මැදිහත් වන ලෙස කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය විසින් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ලේකම්වරිය සහ අතිරේක ලේකම් (පාලන) වෙත උපදෙස් ලබාදී ඇති බව වාර්තා වනවා.
අමාත්‍යවරිය සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නිලධාරීන් අතර සාකච්ඡාවක් ඊයේ (25) අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.
තවද ළමාරක්ෂණ ක්‍රියාවලිය තුළ නියාමන පාර්ශවය වන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සෙසු ආයතන සමඟ වන සම්බන්ධීකරණය සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරි පනත ක්‍රියාත්මක කිරීමේ දී ස්වාධීනත්වය පවත්වා ගැනීම සම්බන්ධව ද අවධානය මෙහිදී යොමුව ඇත.
ක්ෂේත්‍රයේ කාලීන සිදුවීම් පිළිබඳව දීර්ඝ වශයෙන් මෙහිදී සාකච්ඡා කර ඇති අතර ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සේවා පුරප්පාඩු සපයා ගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ බව සඳහන් වනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk