2026-04-29 10:09:00 Hours
ප්‍රංශ ජාතික කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත කුලී රථ රියදුරෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
25 හැවිරිදි වියේ තරුණයෙකු සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
ඔහු විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු බවද වාර්තා වනවා.
පොලීසිය පවසන්නේ විදේශික කාන්තාව අදාළ කුලී රථය මඟින් ගමන් කරමින් සිටියදී අතවරයට මුහුණ දී ඇති බවයි.
සිද්ධිය සම්බන්ධව ක්‍රියාත්මක වූ උණවටුන සංචාරක පොලිස් කාර්යාංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් අදාළ සැකකාර රියදුරුව සහ රථය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk