2026-05-26 08:14 Hours
එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතය 8.75%ක් දක්වා පදනම් අංක 100කින් වැඩි කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා.
ඊයේ (25) දින පැවැති මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේ දී මේ බව තීරණය කර ඇති බව සඳහන්.
ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරන්නේ දේශීය හා ගෝලීය වශයෙන් පවතින තත්ත්වයන් සහ ඉදිරියේ ඇති විය හැකි තත්ත්වයන් පිළිබඳව හොඳින් සලකා බැලීමෙන් පසුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹුණු බවයි.
කෙසේ වෙතත් මේ වසරේ මාර්තු මස තුළ දී එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතය 7.75% ලෙස පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබුණා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk