2026-04-23 13:47:00 Hours

IRIS Dena ගැන ඉරානය ලොකු තීන්දුවක් ගන්න සැරසෙයි


...

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි මහතා සමඟ දුරකථන සංවාදයක් පවත්වා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති කාර්යාලය පවසන්නේ මෙම දුරකථන සංවාදය අතරතුර ඉරාන විදේශ අමාත්‍යවරයා විසින් IRIS Dena නෞකාවේ බේරා ගැනීමේ මෙහෙයුමේ දී ශ්‍රී ලංකා රජයේ මැදිහත් වීම සහ නෞකාවේ කාර්ය මණ්ඩලයේ සහ අනෙක් ඉරාන නාවික නිලධාරීන්ගේ මළ සිරුරු ඉරානයට ආපසු භාරදීමට සහාය වීම සම්බන්ධව කෘතඥාව පළකර ඇති බවයි.

අමෙරිකාව එක්සත් ජනපදය විසින් IRIS Dena නෞකාවට එල්ල කළ ප්‍රහාරය පෙර නොවූ විරූ යුද අපරාධයක් බවත් එය ජාත්‍යන්තර මානුෂීය නීතියේ මුලික නීති සහ 1949 ජිනීවා සම්මුතීන් බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් වන බවත් ඔහු මෙම දුරකථන සංවාදයේ දී පෙන්වා දී තිබෙනවා.

මෙම අපරාධය ඉරානය කිසිඳා අමතක නොකරන බවද ඉරාන විදේශ අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර ඇත.

ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි මහතා පවසා ඇත්තේ අපරාධකරුවන් සහ වගකිව යුතු පිරිස වගකිව යුත්තන් බවට සහතික කර ඔවුන් නීතිය හමුවට පමුණුවා ගැනීමට සියලු නීතිමය සහ දේශපාලනික ක්‍රම භාවිතා කරන බවයි.

මෙහිදී දෙරට අතර ද්වි පාර්ශවික සබඳතා සහ කලාපීය වර්ධනය පිළිබඳව ද සාකච්ඡා කර තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk