2026-04-22 08:46:00 Hours

දිට්වා ඇවිත් මාස මාස පහයි - උලපනේදී හිරවුණු කෝච්චිය තාම එතනමයි


...

පසුගිය වසරේ 2025 නොවැම්බර් 28 ඇතිවූ දිට්වා සුළි කුණාටුව සමග නායයාමට ලක්වූ නුවර නාවලපිටිය දුම්රිය මාර්ගයේ උලපනේ සහ වරකාපිටිය වල්ලාහගොඩ පෙදෙසේ මාස පහක් තිස්සේ අලුත්ම දුම්රිය එන්ජින් දෙක සහිත මැදිරි නමයක් ඉවත් කර ගැනීමට නොහැකිව තිබෙනවා.

මෙම දුම්රිය මහනුවර පේරාදෙණිය,ගම්පොල උලපනේ ,නාවලපිටිය හැටන් හරහා නානූඔයට ධාවනය වෙමින් තිබියදී දුම්රිය මාර්ග නායයාමට ලක්වීම නිසා මෙලෙස සිරවී ඇති බව වාර්තා වනවා.

මෙම දුම්රිය මාස ගනනාවක් ධාවනය ඇණ හිටීම නිසා මහනුවර සිට ගම්පොල නාවලපිටිය, උලපනේ, හැටන්, තලවාකැලේ සහ නානූඔය යන ප්‍රදේශ කරා දුම්රියෙන් ප්‍රවාහන කටයුතු සලසා ගන්නා පාසැල් දරුවන්ට රාජ්‍ය හා පුද්ගලික ආයතන වල සේවයට යන එන ජනතාවට ව්‍යාපාරික ප්‍රාජාවට අපහසුතාවන් රැසකට මුහුණදීමට සිදුන තිබෙනවා.

දැනට මෙම දුම්රිය උලපනේ දුම්රිය ස්ථානයට ආසන්න දුම්රිය මාර්ගයේ නවත්වා තිබෙන අතර ඒ නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට දෛනිකව රුපියල් ලක්ෂ පහක පමණ ආදායමක් අහිමිව තිබෙන වන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවසීය.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk