2026-04-21 22:38:00 Hours

දීපචෙල්වන්ගේ පොත් අවුල දුරදිග යයි


...

අනුෂ්කා කහඳගම මහත්මිය පුවත්පත් මණ්ඩල සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙන අතර රාජ්‍ය සාහිත්‍යය අනුමණ්ඩලයේ සාමාජික ලැයිස්තුවෙන් ඉවත් කරන ක්‍රිෂාන්ත ෆෙඩ්රික්ස් මහතා ඉල්ලීමක් කර තිබෙනවා.

තම ඉල්ලා අස්වීම ගැන දන්වමින් අනුෂ්කා කහඳගම මහත්මිය ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක මහතාට ලිපියක් යොමු කර තිබෙනවා.

වත්මන් රජයේ දිශානතිය සහ දැක්ම ගැළපෙන්නේ නොමැති බව එම ලිපියෙන් පෙන්වා දී තිබෙනවා.

වැඩිදුරටත් අනුෂ්කා සඳහන් කර ඇත්තේ ඇය පසුගිය සැප්තැම්බර් මස සිට පුවත් මණ්ඩලයේ කාර්යයන්වලින් ඉවත් වූ බවත් ඒ සම්බන්ධව අද (21) නිල වශයෙන් දැනුවත් කළ බවත්ය.

මේ අතර රාජ්‍ය සාහිත්‍යය අනුමණ්ඩලයේ සාමාජික ලැයිස්තුවෙන් ඉවත් කරන ක්‍රිෂාන්ත ෆෙඩ්රික්ස් මහතා ඉල්ලීමක් කර ඇති බව බව ඔහුගේ FACEBOOK ගිණුමට සටහනක් එක්කර තිබෙනවා.

ඒ ප්‍රකට දෙමළ ලේඛක දීප චෙල්වන් ප්‍රදීපන් මහතාගේ කෘති රේගු භාරයෙන් නිදහස් නොකිරීම සම්බන්ධව සිය ස්ථාවරය පැහැදිළි කරන ලෙස ඔහුගෙන් ඇතැම් පුද්ගලයින් ඉල්ලීම හේතුවෙන්.

ඒ පිළිබඳ ඔහු තැබූ FACEBOOK සටහන පහත දැක්වේ.

"දීපචෙල්වම් සහෝදරයා විසින් රචිත කෘති දෙකක් රේගු භාරයෙන් නිදහස් නොකිරීමට නිර්දේශ කිරීම සම්බන්ධ ව රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලයේ සම්බන්ධය විවේචනයට ලක් කරන ඇතැම් අය ඒ සම්බන්ධ මාගේ ස්ථාවරය පැහැදිලි කරන ඉල්ලීම් කර ඇතැයි දැනගන්නට ලැබී තිබේ.

ඒ ගැන විමසන ලදු ව පැහැදිලි වූයේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙහි රාජ්‍ය අනු මණ්ඩල යටතේ වන රාජ්‍ය සාහිත්‍ය අනු මණ්ඩලයේ සාමාජික ලැයිස්තුවේ මාගේ නම ද සඳහන් ව තිබීම යි. එය අත්වැරැද්දකින් සිදුවූවක් බව විශ්වාස කරන අතර ඒ නම ඉවත් කරන මෙන් අදාළ නිලධාරීවරයකු දැනුවත් කළෙමි.

2015-2016 වර්ෂවලදී එවක රාජ්‍ය සාහිත්‍ය අනු මණ්ඩලයේ සාමාජිකයකු සහ ලේකම්වරයා වශයෙන් ද 2019-2024 දක්වා රාජ්‍ය සාහිත්‍ය උපදේශක සභාවේ සාමාජිකයකු වශයෙන් ද කටයුතු කළ මම ඉන් පසු කිසිදු රාජ්‍ය උපදේශක සභාවක සාමාජිකත්වයක් හෝ තනතුරක් දරා නොමැති බව සටහන් කරමි."



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk