2026-06-30 13:56 Hours
මෙරට සුප්‍රසිද්ධ අවන්හල් ජාලයක් වන "මිස්ටර් කොත්තු" ආයතනයේ හිමිකරු විරාජ් වික්‍රමනායක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මහරගම පොලිසිය සඳහන් කළේ, තම ආයතනයේ සේවය කළ සේවකයෙකුට අමානුෂික ලෙස පහරදීමේ චෝදනාව සම්බන්ධයෙන් සිදු කළ පුළුල් විමර්ශනයකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බවයි.
සැකකරු අද (30) ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිසිය ප්‍රකාශ කළා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අවධානය යොමු වූයේ අදාළ අවන්හල තුළ සේවකයෙකුට පහරදෙන අයුරු දැක්වෙන ආරක්ෂිත කැමරා දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් සංසරණය වීමත් සමඟයි.
එම දර්ශන පදනම් කරගෙන මහරගම පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා මීට පෙර ප්‍රකාශ කර තිබුණා.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, අදාළ පහරදීමේ සිද්ධිය පසුගිය මාසයේ 05 වැනිදා සිදුව ඇති බවයි.
දිවයිනේ ප්‍රදේශ රැසක ශාඛා පවත්වාගෙන යන මෙම අවන්හල් ජාලයේ හිමිකරු ලෙස විරාජ් වික්‍රමනායක සමාජ මාධ්‍ය ඔස්සේ සේවක හිතකාමී ව්‍යාපාරිකයෙකු ලෙස ප්‍රචලිතව සිටියද, මෙම ආරක්ෂිත කැමරා දර්ශන හරහා සේවකයෙකුට පරුෂ වචනයෙන් බැණ වදිමින් පහරදෙන ආකාරය හෙළිවීමත් සමඟ ඔහුට එරෙහිව සමාජයේ දැඩි විවේචන එල්ල වී තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk