2026-06-30 12:55:00 Hours

පිල්ලෙයාන් ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට


...

නැගෙනහිර පළාතේ ප්‍රදේශ කිහිපයක සිදුවූ ඝාතන 5ක් සම්බන්ධව සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව අත්අඩංගුවේ පසුවන හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් ලබන මස 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මීට අදාළ නඩුව මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇත.

2008 වසරේ දී සිදුවූ මෙම මනුෂ්‍ය ඝාතන පිළිබඳව සිදුකළ විමර්ශන පිළිබඳව කරුණු පසුගිය 15 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට කරුණු වාර්තා කළා.

මෙහිදී මඩකලපුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ අදාළ නඩුව කැඳවන මීළඟ අවස්ථාවේදී මෙම ඝාතනවල තෙවන සැකකරු ලෙස නම් කර සිටින සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් අධිකරණය හමුවේ ඉදිරිපත් කරන ලෙස වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කරන බවයි.

මේ අනුව ඔහු අද (30) පෙරවරුවේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

නඩුව කැඳවූ අවස්ථාවේ දී ඒ අවට ආරක්ෂාව තර කිරීමට ද කටයුතු කර තිබු බවද සඳහන්.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk