2026-04-21 17:00:00 Hours
කොළඹ ඇතුළු ජනාකීර්ණ ප්‍රදේශවල බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට පුද්ගලයෙකු සුදානම් වූ බවට සමාජ මාධ්‍යවල හා ඇතැම් වෙබ් අඩවිවල පළවූ වාර්තා සම්පුර්ණයෙන්ම අසත්‍ය බව පොලීසිය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා සඳහන් කරන්නේ එවැනි සිදුවීමක් වාර්තා වී නොමැති බවයි.
කංජිපානි ඉම්රාන් සමග සමීප සබඳතා පැවැත්වූ පුද්ගලයෙකු ත්‍රස්ත මර්දන කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව ඔහු මෙහිදී පැවසුවා.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk