2026-05-18 09:14:00 Hours
ශ්‍රී ලංකාවේ බිහිවූ ප්‍රමුඛ පෙළේ ප්‍රවීණ දේශපාලන විශ්ලේෂකයෙකු සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු වන ඩී.බී.එස්. ජෙයරාජ් (D.B.S. Jeyaraj) මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
කැනඩාවේ පදිංචිව සිටි ඒ මහතා මියයන විට 72 වන වියේ පසුවූ බවයි වාර්තා වන්නේ.
දශක කිහිපයක සිට ශ්‍රී ලංකාවේ වාර්ගික දේශපාලනය, සිවිල් ගැටුම් මෙන්ම වත්මන් දේශපාලන කරළියේ සිදුවීම් පිළිබඳව දේශීය හා ජාත්‍යන්තර වශයෙන් අතිශය ගැඹුරු විශ්ලේෂණයන් ඉදිරිපත් කළ මාධ්‍යවේදියෙකු ලෙස ඩී.බී.එස්. ජෙයරාජ් මහතා නොමැකෙන සලකුණක් තබා තිබෙනවා.
ශ්‍රී ලංකාවෙන් සිය මාධ්‍ය ජීවිතය ආරම්භ කළ ඔහු, පසුව කැනඩාව බලා පිටත්ව ගියද සිය ලේඛන කලාව අත්හැරියේ නැහැ. ඔහු සිය නිල වෙබ් අඩවිය සහ පුවත්පත් තීරු ලිපි (Columns) හරහා මෙරට දේශපාලන තත්ත්වයන් මෙන්ම විශේෂයෙන්ම දෙමළ දේශපාලන සංකීර්ණතා පිළිබඳව අඛණ්ඩව කරුණු වාර්තා කිරීමට කටයුතු කළා.
නිරවුල් ඓතිහාසික පසුබිමක් සහිතව ඔහු ඉදිරිපත් කළ දේශපාලන විශ්ලේෂණ හේතුවෙන් දෙස් විදෙස් පාඨකයින් අතර ඔහු දැඩි ගෞරවාදරයට පාත්‍ර වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක් ලෙස සැලකෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk