2026-05-17 11:30:00 Hours
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි ආයතනයකට සිදුකළ මුදල් ගෙවීමකදී සහ චෙන්නායි කාර්යාලයේ සිදුවූ මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හා විවිධ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා පිළිබඳව ශ්‍රීලංකන් ගුවන් සමාගම විශේෂ කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම ඊයේ (16) දන්වා සිටියේ, ඩුබායි හි පිහිටි සේවා සපයන ආයතනයක නිල විද්‍යුත් තැපැල් (Email) ගිණුමක් තෙවන පාර්ශවයක් විසින් හැකර් කර (Cyber attack) වෙනස් කර ඇති බවයි.
ඒ හේතුවෙන් එම වංචනික ඊමේල් පණිවිඩ මඟින් ලබාදුන් වෙනත් බැංකු ගිණුම් තොරතුරු මත, තම සමාගම ඩිරාම් 974,000 ක මුදලක් අදාළ වැරදි ගිණුමට බැර කර ඇති බව ශ්‍රීලංකන් ගුවන් සමාගම පවසනවා.
කෙසේ වෙතත් මෙම වංචාව හඳුනාගත් වහාම ක්‍රියාත්මක වූ බලධාරීන්, එම ගිණුමට තවදුරටත් මුදල් ප්‍රේෂණය කිරීම අත්හිටුවීමට පියවර ගෙන ඇත. මේ පිළිබඳව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බලධාරීන්ට මෙන්ම ශ්‍රී ලංකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද (CID) මේ වන විටත් නිල වශයෙන් පැමිණිලි කර තිබෙනවා.
මෙම ගෙවීම සිදුකර ඇත්තේ නිල අත්සන් සහිතව, නිවැරදි සන්නිවේදන ක්‍රමවේද ඔස්සේ ලැබුණු උපදෙස් මත බැවින්, සේවා සපයන්නාගේ විද්‍යුත් තැපැල් පද්ධතිය අවභාවිත වීම ශ්‍රීලංකන් සමාගමේ පාලනයෙන් බැහැරව සිදුවූවක් බව එම නිවේදනයේ අවධාරණය කර ඇත.
ඒ හේතුවෙන් ඔවුන්ට මුදල් නොලැබීම සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ගුවන් සමාගම කිසිදු වගකීමක් භාර නොගන්නා බවද එහි සඳහන් වනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk