2026-05-22 19:36:00 Hours
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පවරා ඇති නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු නිකුත් කිරීමට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුරංග එරංග දිසානායක මහතා නියෝග කර තිබෙනවා.
මාතර එළියකන්ද පාර, බ්‍රවුන්ස්හිල් ලිපිනයේ පිහිටි අක්කර එකහමාරක ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය විසින් මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුවකට ඒ මහතා අද (22) දිනයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තු නිකුත් කිරීම සිදුකර ඇති බව සඳහන්.
මෙහිදී බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් බැසිල් රාජපක්ෂ මහතා අසනීප තත්ත්වයෙන් විදෙස් ගතව ප්‍රතිකාර ලබන බැවින් ඔහු අද (22) දිනයේ දී අධිකරණය හමුවේ පෙනී නොසිටින බව වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරමින් දැනුම් දෙනු ලැබුවා.
දිගින් දිගටම බැසිල් රාජපක්ෂ මහතා අධිකරණය මඟ හරිමින් සිටින බැවින් ඉදිරිපත් වූ කරුණු සලකා බැලු මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුරංග එරංග දිසානායක මහතා බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව වරෙන්තු නිකුත් කිරීමට නියෝග කළා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk