2026-04-27 20:48:00 Hours
ඉලවාලෙයි පොලීසිය මඟින් අද (27) උදෑසන අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාව ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
මන්ත්‍රීවරයා මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව සඳහන්.
පසුගිය 25 වනදා යාපනය පෙරියවිලාන් ප්‍රදේශයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා විසින් ගිනි අවියක් අතැතිව කාන්තාවකට තර්ජනයක් සිදුකර තිබුණා.
ඒ ඉඩමක් සම්බන්ධව ඇති වූ ගැටුමක් හේතුවෙනි.
අදාළ ඉඩමේ අයිතිය පිළිබඳව මහේස්ත්‍රාත් අධිකරණයක නඩුවක් පවතින අතර එම ඉඩම තමාට අයත් බව මන්ත්‍රීවරයා පවසන අතර කාන්තාවක් ද එම ඉඩමේ අයිතිය ඉල්ලා ඇති බව සඳහන්.
පසුගිය 25 වනදා මන්ත්‍රීවරයා අදාළ ඉඩම පිරිසිදු කිරීමේ කටයුතුවල සිටියදී එම ස්ථානයට පැමිණි කාන්තාවන් දෙදෙනකු ඉඩමෙන් කොටසක් තමන්ට අයත් බව පවසමින් මන්ත්‍රීවරයා සමඟ බහින් බස්වීමක් ඇති කරගෙන තිබුණා.
එම බහින්බස්වීම දුරදිගයාම හේතුවෙන් මන්ත්‍රීවරයා මෙලෙස තර්ජනය කර ඇති බව සඳහන් වනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk