2026-05-08 21:07 Hours
ජාතික ජන බලවේගයට බලය හිමි කුරුණෑගල මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිවරයා අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් බත්තරමුල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රුපියල් ලක්ෂ 30ක අල්ලස් මුදලක් ලබාගැනීමට යෑමේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
කුරුණෑගල බස් නැවතුම්පොළ පිරිසිදු කිරීමේ සහ පොදු වැසිකිලිය පිරිසිදු කිරීමේ ටෙන්ඩරය ලබාදීම සඳහා නියෝජ්‍ය නගරාධිපතිවරයා විසින් මෙම අල්ලස් මුදල ඉල්ලා ඇති බව සඳහන්.
අදාළ ටෙන්ඩරය ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 30ක් සහ මාසිකව රුපියල් ලක්ෂ 5 බැගින් ඉල්ලා ඇති අතර රුපියල් ලක්ෂ 30ක මුදල ලබා ගැනීමට යාමේදී නියෝජ්‍ය නගරාධිපතිවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අල්ලස් කොමිසම සඳහන් කළේ සැකකාර නියෝජ්‍ය නගරාධිපතිවරයා හෙට (09) අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
සමස්ථ ලංකා මහජන මහජන කොන්ග්‍රසය නියෝජනය කරමින් ඔහු කුරුණෑගල මහ නගර සභාවට තේරී පත් වුණා.
පසුව බලය පිහිටුවීමේ දී ඔහුගේ සහාය ජාතික ජන බලවේගයට ලබාදීමෙන් පසු ඔහු නියෝජ්‍ය නගරාධිපති ලෙස තේරී පත් වුණා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk