2026-05-08 13:39:00 Hours
පුත්තලම දිස්ත්‍රික් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් මහතා විසින් මාධ්‍ය වාර්තාකරණයක් සම්බන්ධව කරන ලද පැමිණිල්ලක් මත මාධ්‍යවේදී ප්‍රසාද් පුර්ණිමාල් මහතාව හලාවත මුලස්ථාන පොලීසියට කැඳවා තිබෙනවා.
සිවිල් අපහාස නීතිය යටතේ පොලීසියට කටයුතු කිරීමේ බලයක් නොමැති තත්ත්වයක් තුළ අදාළ මාධ්‍යවේදියා කැඳවා ඇති බව සඳහන්.
දැදුරුඔය රක්ෂිතයේ වැලි කැපීමේ ජාවාරමක් පිළිබඳව මාධ්‍යවේදී ප්‍රසාද් පුර්ණිමාල් මහතා විසින් කරන ලද වාර්තාකරණයක් පිළිබඳව අදාළ මන්ත්‍රීවරයා පොලීසියට පැමිණිලි කර තිබෙනවා.
මේ අනුව පසුගිය අප්‍රේල් මස 27 වනදා මාධ්‍යවේදී ප්‍රසාද් පුර්ණිමාල් මහතාට පොලීසියේ පෙනී සිටින ලෙස හලාවත මුලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා දැනුම් දී ඇත.
එහිදී මාධ්‍යවේදී ප්‍රසාද් පූර්ණිමාල් මහතා ඊට පෙර දින පොලීසියට ගොස් දැනුම් දී ඇත්තේ ඔහුට රාජකාරි බහුල බැවින් මැයි මස 20න පසු දිනක පොලීසියේ පෙනී සිටිය හැකි බවයි.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk