2026-05-09 13:35:00 Hours

BREAKING - ඒකක 180ට වැඩි කාණ්ඩ සඳහා විදුලි ගාස්තු 18%කින් ඉහළට


...

2026 වසරේ දෙවන හා තෙවන කාර්තුවලට අදාළව ගෘහස්ත කාණ්ඩයේ ඒකක 180ට වැඩි විදුලි පාරිභෝගිකයින්ගේ විදුලි ගාස්තු 18%කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

එම කොමිෂන් සභාව සඳහන් කළේ ඒකක 180ට අඩු ගෘහස්ත කාණ්ඩයේ විදුලි පාරිභෝගිකයින්ගේ විදුලි ගාස්තුවේ කිසිඳු සංශෝධනයක් සිදු නොවන බවයි.

විදුලි පිරිවැය ඉහළ යාම හේතුවෙන් රුපියල් බිලියන 38ක පමණ හිඟයක් මෙම කාර්තු සහ ඉදිරි කාර්තුවට බලපෑම සහ ප්‍රධාන කාරණා 3ක් මුල් කර ගනිමින් විදුලි ගාස්තු 18%කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අවසර ලබාදී තිබෙනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ රුපියල් බිලියන 15ක සහනයක් ලබාදීමට රජය ලිඛිතව එකඟ වීමත් සමඟ 5%කට පමණ විදුලි පාරිභෝගිකයන් ගණනකට පමණක් මෙම වැඩි වෙන විදුලි ගාස්තුව බලපැවැත්වෙන බවයි.

මේ අනුව 95%ටම මෙම විදුලි ගාස්තු වැඩි වීම අදාළ නොවන බවද එම කොමිසම සඳහන් කරනවා.

මෙම ගාස්තු ඉහළ නැංවීම හෙට මධ්‍යම රාත්‍රියේ සිට සිදුවනු ඇති.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk