2026-05-21 12:49:00 Hours

ඩොලරයේ විකුණුම් මිල රුපියල් 354 සීමාවට ලංවෙයි


...

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අද (21) දිනයේ දී තවදුරටත් අවප්‍රමාණය වී තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තාවන් පෙන්වා දෙන්නේ අද (21) දිනයේ අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 354.03 දක්වා ඉක්මවා ගොස් ඇති බවයි.

අද (21) අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 342.63ක් ලෙස සටහන්ව ඇත.

මෙය සැලකෙන්නේ 2023 වසරේ මාර්තු වනදායින් පසුව ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල වාර්තා කළ අවම අගය බවයි.

ඊයේ (20) දින එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 342ක් ලෙස සටහන් වුණා.

මේ අනුව පැය 24ක කාලයක් තුළදී රුපියල් 12කින් ඩොලරයක විකුණුම් මිල ඉහළ ගොස් තිබෙනවා.

මෙරට ප්‍රධාන වාණිජ බැංකු කිහිපයක විනිමය අනුපාත පහත දැක්වෙනවා.

ලංකා බැංකුව - රු. 345.00 - රු. 354.00

මහජන බැංකුව - රු. 344.44 - රු. 354.74

කොමර්ෂල් බැංකුව - රු. 343.09 - රු. 354.25

සම්පත් බැංකුව - රු. 344.50 - රු. 353.50

හැටන් නැෂනල් බැංකුව - රු. 346.00 -රු . 345.50



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk