2026-05-20 10:47:00 Hours

හරක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරියකට පොලීසියෙන් වෙඩි


...

නීතිවිරෝධී ලෙස ගවයින් ප්‍රවාහනය කළ ලොරි රථයකට හුංගම කට්ටකඩුව ප්‍රදේශයේ දී පොලීසිය විසින් වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.

පොලීසිය පවසන්නේ ලොරි රථයකින් නීති විරෝධී ලෙස ගවයින් ප්‍රවාහනය කරන බවට හුංගම පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත අද (20) උදෑසන කට්ටකඩුව ප්‍රදේශයේ දී බාධකයක් යොදා තිබූ බවයි.

කෙසේ වෙතත් අදාළ ලොරි රථය එම මාර්ග බාධකය නොතකා පළා ගොස් තිබෙනවා.

මේ අනුව පොලීසිය විසින් ලොරි රථය ලුහුබැදගොස් නවත්වා ගැනීමට උත්සාහ කළ ද නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් ඊට වෙඩි තබා නතර කර ඇති බව පොලීසිය පැවසුවා.

එහිදී ලොරි රථයේ සිටි සැකකරුවන් සිව් දෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් හුංගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk