2026-05-03 22:00:00 Hours

මාලදිවයින් ජනපති දිවයිනට පැමිණෙයි


...

රාජ්‍ය සංචාරයක් සඳහා මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු මහතා අද (03) පස්වරුවේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියා.

ඔහු සමඟ ජනාධිපති ආර්යාව සමඟින් එරට උසස් නිලධාරීන් 20 දෙනෙකු මාලෙ නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL 116 දරන ගුවන් යානයෙන් මෙලෙස කටුනායක වෙත පැමිණ තිබුණා.

2023 වසරේ දී ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව ඒ මහතා ශ්‍රී ලංකාවේ සිදු කරන පළමු සංචාරය මෙය වනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයක් මත දිවයිනට පැමිණෙන මාලදිවයින් ජනාධිපතිවරයා ලබන 6 වනදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතව තිබෙනවා.

මෙරටට පැමිණි මාලදිවයින් ජනාධිපතිවරයා ඇතුළු ධූත පිරිස පිළිගැනීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඇතුළු පිරිසක් ද කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk