2026-07-03 20:27:00 Hours
චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ චින්තනය සහ චීනයේ පාලන ක්‍රමවේදය පිළිබඳ විග්‍රහ කෙරෙන “ෂී ජින්පිං - චීන පාලන තන්ත්‍රය” ග්‍රන්ථයේ 5වන වෙළුම එළිදැක්වීමේ උත්සවය අද (03) කොළඹදී පැවැත්වුණා.
“ශ්‍රී ලංකාව සහ චීනය නවීකරණ ක්‍රියාමාර්ගයේ අත්වැල් බැඳගෙන ගමන් කිරීම සඳහා අත්දැකීම් හුවමාරු කර ගැනීම” යන්න මෙවර උත්සවයේ තේමාව ලෙස යොදාගෙන තිබුණා.
උත්සවයට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා, ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන්ග්හොන්ග් මහතා, චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ සංස්කෘතික හා සදාචාරාත්මක කටයුතු ප්‍රවර්ධනය පිළිබඳ ප්‍රධානී මෙන්ම අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිසක් එක්ව සිටියා.
එහිදී අදහස් පළ කළ පිරිස සඳහන් කළේ, නව යුගයක් සඳහා චීන ලක්ෂණ සහිත සමාජවාදය පිළිබඳ චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ චින්තනයේ නවතම න්‍යායාත්මක හා ප්‍රායෝගික ජයග්‍රහණ මෙම ග්‍රන්ථය හරහා පුළුල්ව හා ක්‍රමවත් ලෙස ඉදිරිපත් කර ඇති බවයි.
එමෙන්ම, චීනය නවීකරණය කරා ගිය ගමනේ න්‍යාය හා භාවිතය මෙන්ම, හවුල් අනාගතයක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම සම්බන්ධයෙන් චීනයේ දැක්ම සහ යෝජනා ද මෙම කෘතිය තුළින් විග්‍රහ කර ඇති බව ඔවුන් පෙන්වා දුන්නා.
චීනයේ ආණ්ඩුකරණය, සංවර්ධනය, ප්‍රතිසංස්කරණ, නවෝත්පාදන සහ ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ දැක්ම මෙම ග්‍රන්ථය මගින් ඉදිරිපත් කරන අතර, පොදු අනාගතයක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීමේ සංකල්පය ඔස්සේ ගෝලීය සමෘද්ධියට දායක වීමේ චීනයේ ප්‍රයත්නය ද එමඟින් පිළිබිඹු වන බව සඳහන් කෙරුණා.
මෙහිදී අදහස් දැක්වූ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අවධාරණය කළේ, "එක් තීරයක්, එක් මාවතක්" මුලපිරුම උසස් ගුණාත්මක සංවර්ධනයේ නව අදියරකට පිවිසෙන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ පොදු ජයග්‍රහණ අරමුණු කරගනිමින් චීනය සමඟ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බවයි.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk