2026-07-01 12:11:00 Hours

ලීසිං ක්‍රමයට හාල් දීලා ණය ගෙව්වේ නැත්නම් බත් මුට්ටියත් උස්සයි - නාමල්


...

ආණ්ඩුවට ජනතාවට ලබාදිය හැකි උපරිම සහනය වී ඇත්තේ රජයේ සේවකයන්ට හාල් කිලෝග්‍රෑම් 20ක් ණය පදනම මත ලබාදීම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ පුත්තලම ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ, රජයේ සේවකයින්ට හාල් කිලෝග්‍රෑම් 20ක් ණය පදනම මත ලබාදීම ආණ්ඩුවට ලබාදිය හැකි එකම සහනය බවයි.

එම ණය ගෙවීමට නොහැකි වුවහොත් "බත් මුට්ටියත් උස්සන් යන්න වෙයි" යනුවෙන් ද ඔහු කියා සිටියා.

මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී ජීවන වියදම, ගොවීන්, ධීවරයන් සහ කර්මාන්ත ක්ෂේත්‍රය මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් විසඳුම් ඉදිරිපත් කරනු ඇතැයි බලාපොරොත්තු වූවත් එවැන්නක් සිදු නොවූ බවයි.

ගල්අඟුරු ගනුදෙනුව, ඉන්ධන මිලදී ගැනීම්, හාල් ආනයනය සහ වරායෙන් නිදහස් කළ කන්ටේනර් සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ යුතු බව පැවසූ නාමල් රාජපක්ෂ මහතා, ඒ සමඟ ජනතාවගේ ආර්ථික ගැටලුවලට ද ආණ්ඩුව විසඳුම් ලබාදිය යුතු බවද පැවසුවා.

එමෙන්ම, ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් ධීවරයන්, ගොවීන් සහ සාමාන්‍ය ජනතාව දැඩි පීඩාවට පත්ව සිටින බවත්, ඩෙංගු මර්දනය, අධ්‍යාපනය සහ ආර්ථිකය ඇතුළු ක්ෂේත්‍ර රැසකදී ආණ්ඩුව අසාර්ථක වී ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk