2026-05-18 16:12:00 Hours

ගායන ශිල්පී චාමර රණවක අත්අඩංගුවට


...

ගායන ශිල්පී චාමර රණවක පානදුර උතුරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමඟ ආරක්ෂිත හිස්වැසුම් නොමැතිව යතුරුපැදියක් ධාවනය සහ අධික ලෙස මගීන් රැගෙන යාම යන චෝදනාවකටයි.

අධිකරණයට ඉදිරිපත් කළ චාමර රණවක අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබූ අතර එහිදී ඔහුට රුපියල් 20,000 ක දඩ මුදලක් පැනවීමට අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.

ගායන ශිල්පී චාමර රණවක සහ තවත් දෙදෙනෙක් ආරක්ෂිත හිස්වැසුම් නොමැතිව යතුරුපැදියක ගමන් කරන අයුරු දැක්වෙන වීඩියෝවක් පසුගිය දින කිහිපයේ සමාජ මාධ්‍යයේ සංසරණය වුණා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk