2026-05-06 12:37:00 Hours
2026 වසරට අදාළ යෝජිත අති විශේෂ විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන අදහස් විමසීම අද (06) පැවැත්වෙනවා.
මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසන්නේ පෙරවරු 08.30 සිට පස්වරු 3 දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී මේ සම්බන්ධව වාචික අදහස් ලබා ගැනීම සිදු කරන බවයි.
2026 වසරේ දෙවන සහ තුන්වන කාර්තු සඳහා නැෂනල් සිස්ටම් ඔපරේටර් (පුද්ගලික) සමගාම විසින් යෝජිත අති විශේෂ විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව මෙලෙස මහජන උපදේශනය ලබා ගැනීමට කොමිසම තීරණය කර තිබුණා.
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මීට පෙර සඳහන් කළේ සංශෝධිත විදුලි ගාස්තු පිළිබද තීරණය මැයි මස 9 වැනිදා ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවයි.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk