2026-07-02 11:42:00 Hours
ඩෙංගු සහ වෛරස් උණ රෝග සීග්‍රයෙන් පැතිර යාම හේතුවෙන් කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.
අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, විශ්වවිද්‍යාලය ලබන 13 වැනිදා යළි විවෘත කිරීමට නියමිත බවයි.
ඒ අනුව විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු, විභාග සහ අනෙකුත් අධ්‍යයන ක්‍රියාකාරකම් කල් දමා ඇති අතර, නේවාසිකාගාර ද තාවකාලිකව වසා තැබෙන බව සඳහන්.
ඩෙංගු රෝගය වැළඳුණු සිසුන් 36 දෙනෙකු සහ වෛරස් උණ රෝග ලක්ෂණ සහිත තවත් සිසුන් පිරිසක් හඳුනා ගැනීමෙන් අනතුරුව රෝගය තවදුරටත් පැතිරීම වැළැක්වීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
මේ අතර, විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර දෙක පිහිටි රාජගිරිය සහ දෙහිවල ප්‍රදේශවල ද ඩෙංගු ව්‍යාප්තිය ඉහළ මට්ටමක පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා.
මේ සම්බන්ධයෙන් සෞන්දර්ය හා කලා විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රොහාන් නෙත්සිංහ මහතා සඳහන් කළේ, සිසුන් අතර ඩෙංගු සහ වෙනත් වෛරස් උණ රෝග සීග්‍රයෙන් පැතිර යාම හේතුවෙන් විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බවයි.
වෛරස් උණ රෝග තත්ත්වය තවදුරටත් උත්සන්න විය හැකි බවට සෞඛ්‍ය අංශ දැනුම් දී ඇති බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.
මේ අතරව වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් ගණන 56000 දක්වා ඉක්මවා ගොස් තිබෙනවා.
ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කරන්නේ වසරේ මේ දක්වා වී ඇති සමස්ථ ඩෙංගු රෝගීන් ගණන් 56422ක් වාර්තා වී ඇති බවයි.
මේ වන විට ඩෙංගු රෝගය හේතුවෙන් මරණ 35ක් වාර්තා වී තිබෙනවා.
ගත වූ පැය 24ක කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 1,025ක් වාර්තා වී ඇති බව වාර්තා වනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk