2026-04-20 10:51:00 Hours
2026 වසරේ රජයේ හා රජයේ අනුමත පෞද්ගලික සිංහල හා දෙමළ පාසල්වල දෙවන පාසල් වාරය අදින් (20) ආරම්භ වනවා.
අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මුස්ලිම් පාසල්වල පළමු වාරයේ සිව්වන අදියර ද අදින් ආරම්භ කරන බවයි.
පළමු පාසල් වාරයේ දෙවන අදියර අප්‍රේල් 10 වනදා අවසන් වූ අතර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද හේතුවෙන් අප්‍රේල් 19 වනදා දක්වා නිවාඩු ලබාදී තිබුණා.
මේ අනුව අදින් ආරම්භ වන දෙවන පාසල් වාරය ජුලි 24 සිකුරාදා තෙක් ක්‍රියාත්මක වනු ඇති.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk