2026-05-09 15:36 Hours

අඛණ්ඩව දෙවන මසටත් නිල සංචිත පහළට


...

2026 අප්‍රේල් මස තුළදී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් වටිනාකම නැවත අමෙරිකානු ඩොලර් බිලියන 7 මට්ටමින් පහළ වැටී තිබෙනවා.

මහ බැංකුවේ නවතම දත්ත වාර්තාවක මේ බව සඳහන් වනවා.

2026 මාර්තු මස අවසානයේ ඩොලර් මිලියන 7026ක් ලෙස වාර්තා වුණා.

සමස්ථ නිල සංචිත වත්කම් ප්‍රමාණය අප්‍රේල් මස අවසන් වන විට ඩොලර් මිලියන 6759ක් දක්වා පහළ වාර්තා වී තිබෙනවා.

අසංචිත වත්කම්වල ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය ද අප්‍රේල් මස තුළ ඩොලර් මිලියන 6800 සිට ඩොලර් මිලියන 6505 දක්වා පහත වැටී ඇති බව දත්ත පෙන්වා දෙනවා.

තවද මහ බැංකුව සතු රන් සංචිතය ද ඩොලර් මිලියන 222 සිට ඩොලර් මිලියන 219 දක්වා අඩු වී තිබෙනවා.

වසර පහ හමාරකට පසු ප්‍රථම වරට 2026 පෙබරවාරි මසදී මෙරට නිල සංචිත වත්කම් අමෙරිකානු ඩොලර් බිලියන 7 සීමාව ඉක්මවා ගියා.

එම මස අවසානයේ දී එය ඩොලර් මිලියන 7284ක් ලෙස වාර්තා වුණා.

කෙසේ වෙතත් මාර්තු මසදී එයාර් ඩොලර් මිලියන 7026 දක්වා 3.5%කින් පහළ බැස තිබුණා.

මේ අනුව අඛණ්ඩව දෙවන මාසයටත් නිල සංචිත පහළ යාමක් අප්‍රේල් මාසයේදී වාර්තා වී තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk