2026-04-11 07:06:00 Hours
ගල් අඟුරු ගැටලුව සම්බන්ධව විමර්ශනයට ජනාධිපතිවරයා විසින් විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත් කිරීමට නියමිත බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (10) බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහි විශ්වාසභංග විවාදයට එක්වෙමින්.
මේ අනුව විශ්වාසභංගයෙන් අනතුරුව මෙම විශේෂ විමර්ශන කොමිෂන් සභාව පත් කරනු ඇති.
ඒ සඳහා දැනට සේවයේ නියුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පත් කිරීමට නියමිත බවද සඳහන්.
''මේ විශ්වාසභංගයෙන් පස්සේ ජනාධිපතිතුමා විසින් පත්කරනවා විශේෂ කොමිෂන් සභාවක්.. ඒ විශේෂ ජනාධිපති කොමිෂන් සභාවල තිබෙන විශේෂත්වය තමයි ඒකට පත් කරන්නේ දැනට ඉන්න ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චකාරවරු.. විශ්‍රාම ගිය අය නෙමේ.. 2009 ඉඳලා ගල් අඟුරු ගේනවා මං හිතන්නේ 465ක් විතර.. ඒවගෙන් 452ක් ගෙනත් තියෙන්නේ ඕගොල්ලෝ, අපේ කාලේ ගෙනත් තියෙන්නේ දහතුනයි. අපි මේ ඔක්කොම බලමු... ඔක්කොම බලලා වැරදිකරු වුණොත් ඕගොල්ලෝ හිරේ යන්න ලෑස්තිද?.. 2009 ඉඳන් සම්පූර්ණ ගල් අඟුරු ක්‍රියාවලිය පරීක්ෂා කරනවා... පරීක්ෂා කරලා ජයකොඩි ඇමතිතුමා වැරදී නම් එතුමා හිරේට යයි. එහෙම නොවුණොත් ඔබතුමාලා වැරදි වුණොත් ඔබතුමාලා හිරේ යයි. ඒ නිසා අන්න ඒ සඳහා අපි කටයුතු කරමු.''
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk